පරාක්රමවත් දෙවියන්වහන්සේ, සදාකාල පියාණන්, මේ පොළොවට පැමිණ, කුරුසපත් වී ගණන් කළ නොහැකි මිනිසුන්ගේ නින්දාවන් හා, අපහසද පීඩාව ද විඳදරාගත් සේක. කෙසේවෙතත්, උන්වහන්සේට සිය සැබෑ සෙනග සොයා ඔවුන්ගේ සියලු පාප කමා කර ඔවුන්ව ගැළවීමට හැකිවන පිණිස උන්වහන්සේ සියල්ල නිහඬව විඳ දරාගත්සේක.
ස්වර්ගීය දරුවන් ගළවා ගැනීමේ ක්රියාවලියේදී, පළමු ඊමේදී යේසුස්වහන්සේත්, දෙවන ඊමේදී ක්රිස්තුස් අන්සංහොංවහන්සේ සහ යෙරුසලෙම් ස්වර්ගීය මෑණියන්ද මාංසවත්ව මේ පොළොවට පැමිණිසේක. අනාවැකියට අනුව, මෙම මාර්ගයට අනිවාර්යයෙන්ම දුක් දින ඇතුළත් වන අතර, පසුව මහිමය ලැබෙන විට ප්රීතිමත් දින ඇතුළත් වේ. මෙම පොරොන්දුවට අනුකූලව, දැන් දෙවියන්වහන්සේගේ සභාවට නායකත්වය දෙන මව් දෙවියන්වහන්සේගේ මහිමය ලොව පුරා හෙළිදරව් වෙමින් පවතී.
යේසුස්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: පියාණන්වහන්සේගෙන් බොහෝ යහපත් ක්රියා නුඹලාට දැක්වීමි; එයින් කොයි ක්රියාව නිසා මට ගල්ගසන්නහුදැයි ඇසූසේක. යුදෙව්වරු උන්වහන්සේට උත්තරදෙමින්: අප නුඹට ගල්ගසන්නේ යහපත් ක්රියාවක් නිසා නොව දේව අපහාසය නිසාය; මනුෂ්යයෙක්වූ නුඹ දෙවියන්වහන්සේ වෙන්ට සාදන නිසායයි කීවෝය. යොහන් 10:32–33
නුඹේ ඉර තවත් බැසයන්නේවත්, නුඹේ සඳ පහව යන්නේවත් නැත. මක්නිසාද ස්වාමීන්වහන්සේ නුඹේ සදාකාල එළිය වනසේක, නුඹේ වැලපීමේ දවස් කෙළවරවන්නේය. යෙසායා 60:20
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය 
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්යc ප්රිතිපත්තිය